Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2023 17:20:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ජනවාරි මස 5 සහ 6 යන දෙදින තුළ 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 221,222 සහ 223 පාබල බලසේනාවන්, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 15 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත ගොස් එහි නිලධාරීන් සහ භටපිරිස් හමුවිය.

එහිදි සංචාරයේ නිරත සෑම බලසේනාවකම බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැඟෙනහිර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි එතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

බලසේනාවන්හි සේනාංකාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිළධාරීන් විසින් තම බල ප්‍රදේශයන්හි කාර්යභාරය පිළිබඳව එහි සපැමිණි ආරක්‍ෂක සේනා අඥාපති - නැගෙනහිර දැනුවත් කරන ලදී. එහිදි මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළ අතර, විනය ඉතා ඉහළ මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම සහ වෘත්තීයමය පුහුණුව සම්බන්ධව ඇති වැදගත්කම පිළිබඳවද කරුණු අවධාරණය කරන ලදී.

සංචාරය අවසානයේ, බලසේනා සහ ඒකකයන්හි සමරු සටහන් පොත්හී සටහන් තැබීමට ද එතුමන් කටයුතු කළේය.

මෙම සංචාරය සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.