Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2023 19:45:33 Hours

5 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සෙබළෙකුගේ ආදර්ශමත් ක්‍රියාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයේ 623 වන පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 5 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සෙබළෙකු වෙත රුපියල් 70,400.00 ක මුදලක් හොරොව්පොතාන මහජන බැංකු පරිශ්‍රය අසල ඇති ‘ATM’ යන්ත්‍රය අසලදී හමුවී ඇති අතර, අනතුරුව ඔහු විසින් එම මුදල කඩිනමින් හිමිකරු වෙත ආපසු ලබා දීමට කටයුතු කරන ලදී.

ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.ඩී.එස් දීරසිංහ යන කොනොනි විසින් හොරොව්පොතාන මහජන බැංකුවේ කාර්ය මණ්ඩලයේද සහයෝගය ඇතිව මුදල් තොගයේ හිමිකරු වන හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි ජවුෆර් මොහොමඩ් මුසාෆර් මහතා සොයා ගන්නා ගන්නා ලදී.

623 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් බූදාගොඩ, 5 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ආර්.ඩී.කේ හේරත් සහ හොරොව්පොතාන මහජන බැංකුවේ කළමණාකාරතුමාගේ සම්බන්ධීකරණයෙන් සොයා ගන්නා ලද මුදල හිමිකරු වෙත භාර දෙන ලදී.

මුදලේ හිමිකරු වන ජවුෆර් මොහොමඩ් මුසාෆර් මහතා එම සෙබළාගේ ආදර්ශවත් ක්‍රියාව අගය කරමින් ඔහුගේ අවංකභාවය පිළිබඳව සිය කෘතවේදීත්වය පුදකළේය.