Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2023 20:01:33 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව පාසලේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා හැටන් නැෂනල් බැංකුවේ මූල්‍යමය අනුග්‍රහාහකත්වය මත පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහිදී 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රුපියල් 100,000/- ක් වටිනාකමකින් යුත් එම පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය තොගය ප්‍රදේශයේ තෝරාගන්නා ලද පාසල් සිසුසිසුවියන් 8 දෙනෙකු වෙත පසුගිය ඉරිදා (08) දින එම පාසල් පරිශ්‍රයේදී බෙදාදුන් අතර, ඒ සඳහා මුල්‍ය අනුග්‍රාහකත්වය හැටන් නැෂනල් බැංකුවේ නීති ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුෂාරි රණවීර මහත්මිය විසින් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මඟපෙන්වීම මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ අධීක්‍ෂණය යටතේ 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් ගේ සහභාගීත්වයෙන් 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සඳහා 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න වෙත පුත්තලම - කරුවලගස්වැව ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විදුහල්පතිතුමන් සිය උපරිම සහයෝගය ලබාදුන් අතර, උත්සව අවස්ථාවට යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ ආරාධිතයින් පිරිසක්ද සහභාගී වූහ.