Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2022 12:35:46 Hours

බංගලාදේශයේ ඩකා නුවර පැවැති 4 වන දකුණු ආසියානු සෙපක් තක්රෝ (Sepak Takraw) තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනී

ශ්‍රී ලංකා ජාතික සෙපක් තක්රෝ (Sepak Takraw) සංචිතය නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 3 දෙනෙක් බංගලාදේශයේ ඩකා නුවර පැවැති 4 වන දකුණු ආසියානු සෙපක් තක්රෝ තරඟයට සහභාගි වූ අතර එහිදී, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා සෙපක් තක්රෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් යුද්ධ හමුදා සෙපක් තක්රෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය මගපෙන්වීම්, උපදෙස් සහ පරිපාලන පහසුකම් ලබාදෙන ලදී.