Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2022 12:17:02 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 59 වන සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය සඳුදා (26) දින 59 වන සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලද අතර, එහිදි එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ විසින් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර වෙත එම සේනාංකය විසින් අදාල බල ප්‍රදේශයේ සිදුකරනු ලබන කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.

සංචාරය අතරතුර එතුමන් සියළු භටපිරිස් අමතමින්, වර්තමානයේදී යුද්ධ හමුදාව වෙත එල්ල වන විවිධ තර්ජන සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩ පුහුණු වීම් කටයුතු සිදුකිරීමේ වැදගත්කම පිළිබඳවත් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ආදර්ශවත් හැසිරීමේ වැදගත්කම පිළිබඳව වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

එම සංචාරයෙහි සමාප්තිය සනිටුහන් කරමින්, මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් එම සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.