Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2022 12:36:28 Hours

65 සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ලබාදෙයි

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ගනු ලබන සහ ශල්‍යකර්මයන් සිදුකරනු ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය ඖෂධයන්හි පවතින හිඟය හේතුවෙන් එම රෝගීන් මහත් අපහසුතාවයකට පත්වන අතර, එයට යම්කිසි සහනයක් ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් දෙහිවල ප්‍රදේශයේ ‘සිවඥානම් මෙනන්’ (Sivagnanam Menon) පදනමේ අනුග්‍රාහකත්වය මත අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත පිරිනමනු ලැබීය.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමන් විසින් යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහගේ උපදෙස් මත පරිත්‍යාගශීලියෙකු විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනු ලැබීය.

එම අත්‍යාවශ්‍ය ඖෂධ තොගය 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් නියෝජනය කරමින් එම සේනාංකයේ ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එම්.ඒ ලක්‍ෂමන් විසින් අදාළ රෝහල් බලධාරීන් වෙත භාරදීම ඉකුත් සිකුරාදා (23) දින සිදුවිය.