Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:07:23 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සර්ව ආගමික ආශිර්වාද ලබාගනී

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (27) දින යාපනය ප්‍රදේශයේ නාගදීප විහාරස්ථානය, නාග විහාරය සහ නල්ලූර් කෝවිල වෙත ගොස් සර්ව ආගමික ආශිර්වාද ලබාගත්තේය.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමි, නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමි, යාපනය රදගුරු අති උතුම් ආචාර්ය ජස්ටින් බී ඥානප්‍රගාසම්, නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් ශ්‍රීලා ශ්‍රී සෝමසුන්ත්‍ර ගණසම්පන්ත පරමාචාර්ය ස්වාමිගල් යන ආගමික පූජ්‍ය සහ පූජකවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

මෙම සංචාරයන් සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.