Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:00:24 Hours

කැලණිය ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාගයක්

‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ (Fonterra Brands Lanka Company Ltd) අනුග්‍රාහකත්වය මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී සාමූහිකව එක්ව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 114 ක් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම වෙතින් දැක්වූ අනුග්‍රාහකත්වය මත දැඩි ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 228 ක් වෙත කිරිපිටි පැකට් දෙක බැගින් පරිත්‍යාග කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ උපදෙස් මත 141 වන බලසේනාවේ භටපිරිස් විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ දැඩි ආර්ථික දුෂ්කරතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් විසින් එම බලප්‍රදේශයේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්ගේ සහයෝගය මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම වෙතින් පසුගිය සති කිහිපය පුරාවටම දිවයින පුරා වෙසෙන දැඩි ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.