Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:22:06 Hours

55 වන සේනාංකයේ සංවත්සර දිනය වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 26 වන සංවත්සර දිනය වෙනුවෙන් එම සේනාංකයේ භටපිරිස්හී මූල්‍යමය දායකත්වය මත කෙවිල්, වෙත්තලෛයිකේනි සහ මරදන්කේනි ප්‍රදේශයන්හී වෙසෙන ගර්භනී කාන්තාවන් වෙත පෝෂ්‍යදායී ආහාර වලින් සමන්විත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 17 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූ 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ කන්දකාඩු ශාන්ත මරියා දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් වන අමල් රාජ් පියතුමන් විසින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ලදී.

ගර්භනී කාන්තාවන් වෙත බෙදාදුන් එක් පාර්සලයක් රුපියල් 5000 ක වටිනාකමකින් යුක්ත වන අතර, ඊට සහල්, ධාන්‍ය වර්ග, කිරිපිටි පැකට්, සෝයා මීට් පැකට්, සීනි, ලොකු ළූණු, අල, ටින් මාළු, සබන් කැට සහ කුළු බඩු ආදි ද්‍රව්‍යයන් අඩංගු විය.

මෙම අවස්ථාව සඳහා වෙත්තලෛයිකේනි පුල්ලයාර් අයියාර් කන්නඩා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් (කුරුක්කල්), ග්‍රාම නිලධාරී මහතුන්, කිලිනොච්චිය ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහති පුද්ගලයන්ගේ කමිටුවේ සභාපති ඩෙන්ෂියා මහත්මිය, එස් ජීවකුමාර මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.