Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:06:23 Hours

අසිරිමත් නත්තල වෙනුවෙන් යාපනය ප්‍රදේශයේ දහසකට අධික දරු දැරියන්ට ත්‍යාග පරිත්‍යාගයක්

හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් අසිරිමත් නත්තල වෙනුවෙන් යාපනය ප්‍රදේශයේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථාන අසල ජීවත්වන කුඩා දරු දැරියන් වෙත ත්‍යාග සහ රසකැවිලි බෙදාදීමේ වැඩසටහනක් නත්තල් දිනයේදී (25) ක්‍රියාත්මක කරනු ලැබීය.

හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර (විශ්‍රාමික) සහ 51 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ගේ සංකල්පයකට අනුව මෙම සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කරනු ලැබීණි.

51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර විසින් ලබාදුන් උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලාසේනාවන්හි සේනාංධිපතිවරුන්ගේ සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන දියත් කරන ලදී.

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් එම ස්ථාන වෙත ගොස් දහසකට අධික දරු දැරියන් පිරිසක් වෙත නත්තල් දිනයේදී ත්‍යාග සහ රසකැවිලි බෙදාදීමෙන් අනතුරුව ඔවුන් වෙත නත්තල් සුබපැතුම් ද එක්කළහ.

යාපනය ශාන්ත මරියා ආසන දෙව් මැදුරේදී පැවති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා යාපනය අගරදගුරු ගරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිලධාරින්, සෙසුනිලයන් සහ දරු දැරියන් පිරිසක් ද සහභාගී වූහ.