Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:15:52 Hours

කෑගල්ල නගර මධ්‍යයේ පාවහන් අලෙවිසැලක ඇති වූ ගින්නක් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මැදිහත්වීමෙන් මැඩපවත්වයි

611 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සහ කුරුණෑගල ගිනි නිවන ඒකකයන්හී ගිනි නිවන භටයින් සහ කෑගල්ල පොලිසියේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය අඟහරුවාදා (27) දින කෑගල්ල නගර මධ්‍යයේ පිහිටි පාවහන් අලෙවිසැලක හටගත් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.

මෙම ගින්න පිළිබඳ භටපිරිස් දැනුවත් වූ විගස යුහුසුළුව ක්‍රියාත්මක වූ නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 35 දෙනෙකු එම ස්ථානය වෙත ගොස් වේගයෙන් පැතිර යමින් තිබූ මෙම ගින්න පැය කිහිපයක් ඇතුලත මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබූ අතර ගිනිගත් ගොඩනැගිල්ලට යාබදව පිහිටි අනෙකුත් ගොඩනැගිලි වලට ගින්න පැතිරීම වැළැක්වීමට ද භටපිරිස් සමත්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ගේ උපදෙස් හා 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ. ඒකනායක ගේ අධීක්‍ෂණය මත භටපිරිස් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකරනු ලැබූහ.