Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2022 21:29:12 Hours

141 වන බලසේනාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පාසල් සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු සහ එතුමන්ගේ භාර්යාවගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 2022 දෙසැම්බර් මස 19 දින දොම්පේ ගුරුවෙල ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 38 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන යටතේ පරිත්‍යාග කරනු ලැබූ පොත්, පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි, පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රුපියල් 2,50,000/- ක වටිනාකමකින් යුක්ත විය. 141 වන බලසේනාව වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරි මේජර් රොෂාන් සිවා සහ එතුමන්ගේ භාර්යාව විසින් සිදුකළ අනුග්‍රාහකත්වය මත විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසු සිසුවියන් වෙත මෙහිදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් සංවිධානය කරනු ලැබු මෙම පරිත්‍යාග වැඩසටහන 14 වන සේනාංකයේ අධීක්‍ෂණය මත 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 141 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, අනුග්‍රාහකයින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.