Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2022 21:19:16 Hours

‘ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022’ හි ශූරතාවය අඛණ්ඩව 4 වන වරටත් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022’ දෙසැම්බර් මස 16 සහ 17 දෙදින තුළ බත්තරමුල්ල දියවන්නා වැව් පරිශ්‍රයේදී පැවති අතර, එම තරඟාවලියේ පිරිමි විවෘත අංශය නියෝජනය කර පදක්කම් 13 ක් දිනාගනිමින් අඛණ්ඩව 4 වන වරටත් ජාතික ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායම සමත්විය.

නාවික හමුදා කණ්ඩායම පදක්කම් 9 ක් දිනාගනිමින් තරඟාවලියේ අනුශූරතාවයට හිමිකම් කීහ.

කාන්තා විවෘත ඉසව්වේදී යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පදක්කම් 06 ක් දිනාගනිමින් අවසන් මහා තරඟයේදී ‘Sri Lanka Adventures Sports Club’ කණ්ඩායම සමඟ තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් සමත් වූහ. එමෙන්ම, ප්‍රවීණයන්ගේ ඉසව්වේදීද යුද්ධ හමුදා ක්‍රීඩකයින් පදක්කම් 6 ක් සමඟින් ශුරතාවය දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම් සහ උප සභාපති කර්නල් අසංග පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද ඇතුළුව යුද්ධ හමුදා ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ:

සී1 පිරිමි විවෘත මීටර් 200 ඉසව්ව

රන් පදක්කම - 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී.එන්.එස්. සිල්වා

සී1 පිරිමි විවෘත මීටර් 500 ඉසව්ව

රන් පදක්කම - 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී.එන්.එස්. සිල්වා

රිදී පදක්කම - 24 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.ඩී.එච්. තිලකරත්න

සී1 පිරිමි විවෘත මීටර් 1000 ඉසව්ව

රන් පදක්කම - 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී.එන්.එස්. සිල්වා

රිදී පදක්කම - 20 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එන්.එම්.එම්.බී. නවරත්න

කේ1 පිරිමි විවෘත මීටර් 200 ඉසව්ව

රිදී පදක්කම - 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එල්.කේ.ඩී.යූ. කුමාර

කේ1 පිරිමි විවෘත මීටර් 500 ඉසව්ව

රිදී පදක්කම - 6 වන ගැමුණු හේවා බලකායේ පාබල සෙබල ආර්.ආර්. සේනාරත්න

කේ1 පිරිමි විවෘත මීටර් 1000 ඉසව්ව

රන් පදක්කම - 6 වන ගැමුණු හේවා බලකායේ පාබල සෙබල ආර්.ආර්. සේනාරත්න

රිදී පදක්කම - 11 වන ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.සී.පී. විජේරත්න

සී4 පිරිමි විවෘත මීටර් 200 ඉසව්ව

රන් පදක්කම - 20 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එන්.එම්.එම්.බී. නවරත්න

24 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.ඩී.එච්. තිලකරත්න

11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ඩී.සී. දිසානායක

23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල කේ.එම්.වයි.එච්. කුලතුංග

ලෝකඩ පදක්කම - 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එස්. එරංග

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එජ්.එම්.එම්. අබේසිංහ

12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාබල සෙබල ඒ.එච්.එන්.එන්. හේවගේ

1 වන ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ඩී.එම්.එම්. කීර්ති

සී4 පිරිමි විවෘත මීටර් 500 ඉසව්ව

>සී1 කාන්තා විවෘත මීටර් 200 ඉසව්ව

රන් පදක්කම - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල කේ.ඩී.සී. ලසන්ති

රිදී පදක්කම - 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.ජී.එස්. මදූෂි

සී1 කාන්තා විවෘත මීටර් 500 ඉසව්ව

රන් පදක්කම - 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.ජී.එස්. මදූෂි

රිදී පදක්කම - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල කේ.ඩී.සී. ලසන්ති

සී1 කාන්තා විවෘත මීටර් 1000 ඉසව්ව

රන් පදක්කම - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල කේ.ඩී.සී. ලසන්ති

රිදී පදක්කම - 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.ජී.එස්. මදූෂි

කේ1 ප්‍රවීණයන්ගේ පිරිමි මීටර් 200 ඉසව්ව

රන් පදක්කම - 23 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.එල්.එන්. චන්ද්‍රසේන

රන් පදක්කම - 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.එස්.ආර්. ගුණසේන

කේ1 ප්‍රවීණයන්ගේ පිරිමි මීටර් 500 ඉසව්ව

රන් පදක්කම - 23 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.එල්.එන්. චන්ද්‍රසේන

රිදී පදක්කම - 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කෝප්‍රල් ටී.ඒ.එන්. සෝමරත්න

කේ1 ප්‍රවීණයන්ගේ පිරිමි මීටර් 1000 ඉසව්ව

රන් පදක්කම - 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කෝප්‍රල් ටී.ඒ.එන්. සෝමරත්න

රිදී පදක්කම - 23 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.එල්.එන්. චන්ද්‍රසේන

දක්‍ෂතම මළල ක්‍රීඩකයා

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී.එන්.එස්. සිල්වා

දක්‍ෂතම මළල ක්‍රීඩිකාව

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල කේ.ඩී.සී. ලසන්ති