Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2022 21:28:39 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන පසුගිය ඉරිදා (18) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive past) ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව පුහුණු පාසල් සේනාවිධායකතුමන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම පුහුණු පාසලේ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ සේනාවිධායකතුමන් විසින් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන දැනුවත් කරන ලදී.

අනතුරුව භටපිරිස් ඇමතූ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් විසින් ඉංජිනේරු බලකායේ වෘත්තීමය කටයුතුවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද දැනුවත් කරන ලදී. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම පුහුණු පාසලේ සේනාවිධායක විසින් සංචාරයේ නිරත මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සිදුවිය.