Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2022 21:42:50 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් කිරිපිටි පැකට් පරිත්‍යාගයක්

ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදීම සඳහා සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම වෙතින් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබූ කිරිපිටි පැකට් 1210 ක් තෝරාගත් පවුල් වෙත බෙදාදීම ඉකුත් බදාදා (21) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ හරිත කෘෂිකාර්මික මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත එම මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මේ අනුව තොරාගත් ප්‍රදේශ කිහිපයක ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පවුල් 605 ක් වෙත මෙම පරිත්‍යාගය සිදුකිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර අනියුක්ත යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සහභාගී විය.