Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2022 18:20:55 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන ඉකුත් දෙසැම්බර් මස 9 දින සිට 13 දින දක්වා කාලය තුළ සිය බලප්‍රදේශයේ පිහිටි බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී එතුමන් 662 සහ 663 වන බලසේනාවන්, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන ඒකකයන්හි සංචාරය කරනු ලැබීය.

මෙම සංචාරයන්හිදී අදාළ බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් එම බලසේනාවන් සහ ඒකකයන්හි වර්තමාන කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් දැනුවත් කළ අතර සේනාංකාධිපතිතුමන් දේශනයන් පවත්වමින් සිය දැක්ම පිළිබඳව ද භටපිරිස් දැනුවත් කළේය.