Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2022 18:20:55 Hours

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනයට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හී දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රදර්ශන කුටි සකස් කරදීම සඳහා සිය ශ්‍රම දායකත්වය දක්වන ලදී. මෙම ප්‍රදර්ශනය ඉකුත් දෙසැම්බර් මස 15 සිට 17 දක්වා පැවැත්විණි.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් එම පාසලේ පාලන අධිකාරිය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ගේ උපදෙස් පරිදි 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් එක්ව අවි සිමියුලේටරයක්, යුද්ධ හමුදා උපකරණ සහ ටයර් නැවත පිරවිම (මෙහෙයුම් පද්ධතිය) මෙහිදී ප්‍රදර්ශනය කරන ලදි.