Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2022 18:23:55 Hours

නිවසක දැව ගබඩාවක පැතිරියමින් තිබු ගින්නක් මැඩලීමට 111 වන බලසේනාවේ භටපිරිස් සමත්වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පාලනය වන 111 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (17) දින මහනුවර, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි නිවසක දැව ගබඩාවක පැතිර යමින් තිබු ගින්නක් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

2 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහ මහනුවර පොලිසියේ ජීවිතාරක්‍ෂක නිලධාරීන් එක්ව මෙම ගින්න වැඩිදුරටත් පැතිරයාම වළක්වමින් ඉතා සාර්ථක අයුරින් පාලනය කර තිබිණි.