Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:35:00 Hours

61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් උදය හේරත් සිය බලප්‍රදේශයේ සංචාරයක

611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව අරගොඩ ගේ ආරාධනයකට අනුව 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය බදාදා (07) දින කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ පිහිටි 611 වන බලසේනාව සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

611 වන බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ. ඒකනායක විසින් මේජර් ජෙනරල් උදය හේරත් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive pass) ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් උදය හේරත් වෙත 611 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් ඔවුන් වෙත පැවරී ඇති කාර්යභාරයන් පිළිබඳව දැනුවත් කළේය.

61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් බලසේනා මූලස්ථානයේ සංචාරයෙන් පසුව 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත වූ අතර, එම එ්කකයේ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව සංචාරයේ සමාප්තිය සිදුකෙරිණි. මෙම අවස්ථාවට 8 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ආර්. හෙන්නායක ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.