Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 20:05:40 Hours

15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනකට දායක වෙයි

ඩෙංගු උවදුර උග්‍ර වීමත් සමඟ රෝහල් සේවක හිඟයකට මුහුණ පා සිටින මීගොඩ පිහිටි පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් ඇතුළු භටපිරිස් විසින් සිය දායකත්වය ලබාදෙන ලදී. මෙය එම ඒකකය මගින් ක්‍රියාවට නංවන ලද සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් වශයෙන් සාර්ථකව ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් හා 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබුණු අතර, එහි අධීක්‍ෂණ කටයුතු ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්.එම්. විජයලත් විසින් සිදුකරන ලදී.

පළාත් ආයුර්වේද රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 142 වන බලසේනාවේ නිලධාරීන් ඇතුළු භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.