Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:37:09 Hours

අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලියේ ජය 23 වන සේනාංකයට

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලිය පසුගිය බදාදා (14) දින මින්නේරිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල් ක්‍රීඩා පිටියේදී පැවත්විණි. පන්දු වාර 10 කින් සමන්විත මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් 5 ක් සහභාගී වූහ.

මෙම තරඟාවලිය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ මගපෙන්වීම සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.

අවසන් තරඟයේදී, 22 වන සේනාංක කණ්ඩායම පන්දු වාර 10 ක් තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 144 ක් රැස්කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ 23 වන සේනාංක කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 68 ක් පමණක් රැස්කරගැනීමට හැකිවිය. ඒ අනුව, 22 වන සේනාංක කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් අතර 23 වන සේනාංක කණ්ඩායම අනුශූරතාවයට හිමිකම් කීහ.

තරඟාවලිය සමාප්තියේ ක්‍රීඩාලෝලීන් රැසකගේ අත්පොලසන් මධ්‍යයේ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කරන ලදී. තරඟාවලිය නැරඹීම සඳහා 22, 23 සහ 24 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

තරඟාවලියේ විශේෂ දක්‍ෂතා දැක්වූ තරඟකරුවන් පහතින් දැක්වේ:

දක්‍ෂතම පන්දු යවන්නා 23 වන සේනාංකයේ මාණ්ඩලික සැරයන් ආර්.ඒ.ජී.සී.කේ. ගලහිටියාව

දක්‍ෂතම පිතිකරු

23 වන සේනාංකයේ කෝප්‍රල් යූ.එන්.එස්.එස්. අසංක

තරගාවලියේ වීරයා

23 වන සේනාංකයේ කෝප්‍රල් යූ.එන්.එස්.එස්. අසංක