Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:38:25 Hours

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත ගෞරවාචාර

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (14) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විණි.

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive past) ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. මේජර් ජෙනරල් සංජය වනසිංහ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් එතුමන් වෙත මෙතෙක් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළේය. මෙම අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, 57, 59, 64, 66, සහ 68 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් ද සහභාගී වූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් විසින් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත ඇගයීම් සංකේත කිහිපයක් ද ප්‍රදානය කරනු ලැබූහ.