Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:21:53 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සිය බල ප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සිය බල ප්‍රදේශයේ ස්ථාපිත බලසේනා මූලස්ථානයන්හි සහ ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් දෙසැම්බර් මස 08 සහ 09 යන දෙදින තුළ නිල සංචාරයක නිරත වන ලදී.

මේජර් ජෙනරල් මොහාන් රත්නායක සිය ප්‍රථම නිල සංචාරයෙහි පළමු දින ලක්‍ෂපාන ජල විදුලි බලාගාරයේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර, පසුදින පිදුරුතලාගල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සහ නුවරඑලිය පිහිටි 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේද සංචාරයක නිරත විය.

මෙම සංචාරයන්හිදී මේජර් ජෙනරල් මොහාන් රත්නායක 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ජී.ටී.ඩබ්ලිව්.ඒ.එම්.ආර්.පී.එස් බෝයගොඩ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ.ඊ.පී බණ්ඩාරවත්ත විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එහිදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන්ද පිරිනමනු ලැබීය. අනතුරුව එතුමන් එම අවස්ථාවන් සංකේතවත් කරමින් එම කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීම ද සිදුකරන ලදී. අනතුරුව එම අවස්ථාවට එක් වූ සියළු නිලයින් අමතා දේශණයක්ද සිදුකල එතුමන් ඉන් පසුව පැවති සියළු නිල දිවා භෝජන සංග්‍රයන් සඳහාද එක් විය.

මෙම සංචාරයන් සඳහා 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිදු දයාවංශ ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.