Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:28:27 Hours

ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම වෙනුවෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂතුමන්ගෙන් හරවත් දේශණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ජයසේකර විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික මහා සභා රැස්වීමේදී ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නවෝත්පාදන සහ පිරිසැකසුම් කිරීම්’ සම්බන්ධයෙන් ඉතා හරවත් වූ දේශණයක් නොවැම්බර් මස 19 දාන සව්සිරිපාය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත මේජර් ජෙනරල් රංජන් ජයසේකර විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු වෘත්තිකයන් වෙත මෙම දේශණය පවත්වන ලදී.

ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම වෙනුවෙන් තාක්‍ෂණික පැතිකඩ පිළිබඳ දේශණයක් පැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මේජර් ජෙනරල් රංජන් ජයසේකර විසින් එම දේශණය පවත්වන ලදී. මෙම ආයතනය මෙරට මෝටර් රථ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පුරෝගාමී සංවිධානයක් ලෙස කටයුතු කරනු ලබයි.