Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2022 19:34:54 Hours

බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නියෝජිත පිරිසක් යුද්ධ හමුදා කාන්තා බලකායේ සංචාරයක

කාන්තා සෙබළියන් සම්බන්ධව ඇති සමාජීය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ නියෝජිතයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.

මෙම සුහද සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ, ඉංජිනේරු සේවා බලකායේ, ශ්‍රී ලංකා සංඥා බලකායේ, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ, යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සහ කාන්තා බලකායේ නිලධාරිනියන් පිරිසක් සහභාගී වූහ. මෙහිදී දේශිය හා ජාත්‍යන්තර මට්ටමින් කාන්තා සෙබලියන් පොදුවේ මුහුණ පාන ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට එම නියෝජිත පිරිසට හැකි විය.

එම නියෝජිත පිරිස වෙත කාන්තා බලකායේ කාර්යභාරයන් පිළිබඳව සවිස්තරාත්මකව විස්තරයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම සුහද සාකච්ඡාව පවත්වනු ලැබිණි.