Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 17:40:03 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ තවත් සමාජ සත්කාරක වැඩ සටහනක්

වත්තල ‘OKI’ ජාත්‍යන්තර පාසලේ බලධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් සඳහා එම පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමක් මත යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී පසුගිය සෙනසුරාදා (10) දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි ඇතුළු පිරිසක් මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.