Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2022 14:40:28 Hours

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නාමල් මහතුවක්කාර විසින් ඉකුත් සඳුදා (05) දින යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලා පරිශ්‍රයේදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

කර්මාන්තශාලා පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් නාමල් මහතුවක්කාර, යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එම ආයතනයේ ක්‍රියාකාරි අංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ නව සේනාවිධායකතුමන් එම ආයතනයේ සේවයේ නියුතු භටපිරිස් ද ඇමතුවේය.

බ්‍රිගේඩියර් නාමල් මහතුවක්කාර මෙම ධූරයට පත්වීමට ප්‍රථම යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක ධූරය හෙබවූයේ බ්‍රිගේඩියර් අසාඩ් ඉසාදීන් විසිනි.