Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2022 14:45:28 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානත්වයෙන් මානව හිමිකම් සහ ජ්‍යතන්තර මානුෂවාදී නීතිය පිළිබඳ වැඩමුළුවක්

විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ උපදෙස් මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Revising the scope of teaching materials of International Humanitarian Law” යන තේමාව යටතේ එක්දින වැඩමුළුවක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පැවැත්වූහ.

මෙම වැඩමුළුව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) විශේෂඥයින් දෙදෙනෙකු වන කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා සහ සන්නද්ධ හමුදා නියෝජිත මේජර් ඇල්බට් ෂෝන්වෙල්ඩ් (Albert Schoneveld) (විශ්‍රාමික) විසින් පවත්වනු ලැබූහ.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී වූ අතර, මෙම වැඩමුළුව සඳහා ජ්‍යතන්තර මානුෂවාදී නීතිය පිළිබඳ සුදුසුකම් ලත් උපදේශකයින් ලෙස රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වී සිටියහ.