Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2022 19:57:25 Hours

කොළඹ රාජකීය විද්‍යාලයීය ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය දා පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හා ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 50 දෙනෙකු ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සිය දායකත්වය ලබාදුන්හ.

කොළඹ රාජකීය විද්‍යාලීය ආදි සිසුන් විසින් පසුගිය අඟහරුවාදා (06) දින මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ලබාදුන් උපදෙස් මත කොළඹ ප්‍රදේශයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සිය ලේ දන්දීම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලදී.