Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2022 20:00:26 Hours

143 වන බලසේනාවේ මූලිකත්වයෙන් තබ්බෝව ප්‍රදේශයේ කුඩා ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ මූලිකත්වයෙන් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත තබ්බෝව ධීවර ගම්මානයේ පිහිටි ‘බුද්ධිනී’ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින දරු දැරියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (03) දින ක්‍රියාත්මක කෙරිණි.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් ගේ උපදෙස් මත එම බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහ දානපති ටිෂාන් රඹුක්වැල්ල මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

2023 වසරේ 1 වන ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්‍ෂාවෙන් සිටින ළමුන් 17 දෙනෙකුට සහ පෙර පාසල්වලට ඇතුළත් වීමට නියමිත ළමුන් 4 දෙනෙකුට මෙම වැඩසටහන යටතේ පාසල් උපකරණ, පාසල් බෑග්, නත්තල් ත්‍යාග සහ ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද මෙහිදී පිරිනැමිණි. කැලිප්සෝ සංගීතයට ළමුන් ගීත ගායනාවන් සහ නර්තනයන් සිදුකළ අතර නත්තල් සීයා විසින් ළමුන් වෙත ත්‍යාග පිරිනැමීම මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් එක්කරනු ලැබීය.

තබ්බෝව ධීවර ගම්මානයේ වෙසෙන ජනතාව දැඩි මූල්‍ය දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවන ධීවර ප්‍රජාවකි.

මෙම වැඩසටහන සඳහා 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු එම ඒකකයේ භටපිරිස් සහභාගී වූහ.