Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2022 22:00:12 Hours

231 වන බලසේනාවේ මූලිකත්වයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 වන බලසේනාවේ මූලිකත්වයෙන් කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපතිනියක වන මිහිරි ද සිල්වා මහත්මියගේ අනුග්‍රාහකත්වය මත පසුගිය බ‍්‍රහස්පතින්දා (1) දින මඩකලපුව ‘ඔසානම්’ ළමා නිවාසයේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන වෙනුවෙන් මිහිරි ද සිල්වා මහත්මිය විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූවාය. ත්‍යාග පාර්සල් බෙදාදීමෙන් අනතුරුව එම බලසේනාවේ භටපිරිස් විසින් විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජනයක් පිරිනමන ලදී.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ මිහිරි ද සිල්වා මහත්මියගේ නියෝජිතයින් මෙන්ම 231 වන බලසේනාවේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගී වී තිබිණි.