Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:06:21 Hours

ජංගම කෘෂි අළෙවිකරණ මධ්‍යස්ථානය යුද්ධ හමුදා මූලස්ථානය අසල ස්ථිර කෘෂි අළෙවිසැලක් බවට පත්කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසලදී සහන මිලට යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කෘෂි නිෂ්පාදන අලෙවි කිරිමේ මධ්‍යස්ථානය යුද්ධ හමුදා මූලස්ථානයේ සියලු සාමාජිකයන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සතියේ දින පහ පුරාවට විවෘත ස්ථිර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථාන රථගාලේ නව කුටියක් ඉදිකරමින් ආරම්භ කරනු ලැබු නව සුභසාධක මධ්‍යස්ථානය සතියේ දිනවල පස්වරු 0200 පැයේ සිට 0700 පැය දක්වා කාළය තුළ විවෘතව පවතින අතර, එමගින් යුද්ධ හමුදා ගොවිපලවල් වල නිපදවන එළවලු, ධාන්‍ය වර්ග සහ කිරි නිෂ්පාදන සියලු දෙනාට සහනදායි මිලගණන් යටතේ ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

පවත්වාගෙන යනු ලැබු ජංගම කෘෂිකර්ම නිෂ්පාදන වෙළඳ සැල සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් ලැබුණු ඉහල ප්‍රතිචාර හේතුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා කෘෂිකාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අලෙවි කළ හැකි ස්ථිර වෙළඳ කුටියක් බවට පත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති සහ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ වෙත උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහභාගී විය. අනතුරුව අභිනවයෙන් ඉදිකරන ලද එම වෙළඳ කුටියෙන් එළවළු වර්ග සහ අනෙකුත් නිෂ්පාදන කිහිපයක් සංකේතාත්මකව මිලදී ගැනීමටද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති විසින් කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.