Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2022 22:15:13 Hours

ඉන්දීය විශේෂඥයින් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ‘කාබනික කෘෂිකර්මාන්තය සහ ජීව වායු භාවිතය’ පිළිබඳ වැඩමුළුවක්

තමිල්නාඩු කෘෂිකර්ම මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂ ඒ. ගෝපාල් රාජ් මහතා (Mr A. Gopal Raj) සහ මහරිෂි අධ්‍යාපන භාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඩී. කොඩෙයි සෙල්වම් මහතා (Mr D. Kodei Selvam) යන ඉන්දීය විශේෂඥයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ‘කාබනික කෘෂිකර්මාන්තය සහ ජීව වායු භාවිතය’ මැයෙන් පසුගිය සඳුදා (28) දින පැවති වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ කාන්තා නිලධාරිනියන් 125 දෙනෙකු සහභාගී වූහ. මෙහිදී, එම වැඩමුළුව වෙනුවෙන් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ආරක්‍ෂක සේනා මූලස්ථානය, සේනාංක සහ බලසේනා නියෝජනය කරමින් තවත් යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ඒ වෙනුවෙන් සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකරගේ මඟපෙන්වීම මත කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩමුළුව පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව අතරතුරදී, සහභාගි වූ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ඉන්දීය විශේෂඥයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමි වූ අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔවුන් සතු ගැටළු පිළිබඳ සාකච්ඡා කර දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාවද හිමිවිය.

මෙම වැඩමුළුව සමාප්තියේ, ඒ වෙනුවෙන් සහභාගී වූ කථිකාචාර්යවරුන් දෙදෙනාට සමරු තිළිණ ප්‍රදානය කිරීම මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර විසින් සිදුකරන ලදී.