Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2022 19:10:20 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සිය බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින්, නොවැම්බර් මස 15 සිට 17 දින දක්වා ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ඔඩ්ඩුසුඩාන්, තලෙයිමන්නාරම සහ මන්නාරම යන ප්‍රදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත් ඒකකයන්හි ක්‍ෂේත්‍ර සංචාරයෙහි නිරත වූ අතර, එහිදී 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.ටී.එන් ජයවර්ධන, 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ (ආධාරක) අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.එම්.පී ගුණතිලක සහ 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ මේජර් ඒ.ඒ.එස් අමරතුංග විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් සංජය වනසිංහ එම ඒකකයන් වෙත පැමිණි අවස්ථාවේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (Drive pass) එතුමන් වෙත පිරිනමන ලදී. එම ක්‍ෂේත්‍ර සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් කඳවුරු පරිශ්‍රයන්හි සංකේතාත්මකව පැළ රෝපණය කිරීම සිදුකරන ලද අතර සමූහ ඡායාරූපයන් සඳහා පෙනීසිටීමෙන් පසු සියළු භටපිරිස් ඇමතීමද සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව ඒකකන්හි සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩල සාමාජික මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් ප්‍රදානයක්ද සිදුකරන ලදී.

ක්‍ෂේත්‍ර සංචාරයන් අතරතුර මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් එම ඒකකයන්හි සියළු නිල තේ පැන් සංග්‍රහයන් සඳහාද සහභාගී වීය.