Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2022 18:11:24 Hours

යුද්ධ හමුදාවේ දායකත්වයෙන් රණවිරුවෙකුට නව නිවසක්

දඹුල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයෙකු විසින් වාරියපොල ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ නව නිවසක ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමකරගැනීම සඳහා එම ඒකකයේ භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් හා 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ඩී.ආර් වීරපුර ගේ අධීක්‍ෂණය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දුෂ්කරතාවයන් පිළිබඳව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සිය ඒකකයේ ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

මෙම ඉදිකිරීම් කටයුතු සති කිහිපයක් තුළ නිමකිරීමෙන් අනතුරුව පසුගිය ඉරිදා (20) දින පැවති නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටියක් කපා නිවාසලාභියා වෙත නව නිවස භාරදුන් අතර එම අවස්ථාව සඳහා ප්‍රතිලාභී පවුලේ ඥාතීන් පිරිසක් ද සහභාගි වූහ.