Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2022 22:05:52 Hours

‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 41’ සාර්ථකව අවසන්

‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 41’ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (19) දින අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම උත්සවයේදී, පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් (ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 19 දක්වා) ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 75 දෙනෙක්, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුනිපුර’ ගේ සුරතින් සිය සහතික පත් ලබාගත්හ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් පී.එච්.එම්. පුංචිහේවා සම්මාන දිනාගනු ලැබීය.