Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 20:43:15 Hours

61 වන සේනාංකයේ මූලිකත්වයෙන් මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් හික්කඩුව හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ එක්ව සංචාරකයින්, පරිසරවේදීන් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර නියෝජිතයින්ගේ සහයෝගය ඇතිව පසුගිය බ්‍රහස්පතින්දා (17) දින එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ 50 දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් විසින් සිදුකරනු ලැබූ අතර එහි අධීක්‍ෂණ කටයුතු 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීර විසින් සිදුකරනු ලැබීය. 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.එච්.ඒ.අයි. විජේරත්න සිය ඒකකයේ භටපිරිස් මෙහෙයවමින් මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාවට නංවා තිබිණි.