Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 20:53:05 Hours

අවශ්‍යතා සහිත පවුලක් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මොල්ලිපොතාන, තඹලගමුව ප්‍රදේශයේ වෙසෙන දෙදරු මවක් වෙත පසුගිය සෙනසුරාදා (12) දින රුපියල් 25,000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සලයක් සහ තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැගත් පාර්සලයක් පරිත්‍යාග කරනු ලැබීය.

15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම පවුලේ සාමාජිකයන් අත්විඳින දුෂ්කරතාවයන් පිළිබඳ කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපතිනියක වන තිළිණි විතානගේ මහත්මිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය විසින් මෙම වැඩසටහන සඳහා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවාය.

මෙම අවස්ථාව සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූ තිළිණි විතානගේ මහත්මිය නියෝජනය කරමින් එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වු 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් සහ එම ඒකකයේ භටපිරිස් විසින් ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පාර්සලය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.