Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 13:22:12 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (17) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් මොහාන් රත්නායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

මේජර් ජෙනරල් මොහාන් රත්නායක සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් මොහාන් රත්නායක සිය දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් රටේ අභිවෘද්ධිය සහ යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා 11 සහ 12 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.