Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 14:45:14 Hours

අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2022, ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයන්ගෙන් වර්ණවත් වෙයි

අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2022, සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.  

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති, 1 වන බලකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න සහභාගි විය.  

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 16 ක ස්කොෂ් කණ්ඩායම් ක්‍රීඩකයින් නියෝජනය කරමින් සැප්තැම්බර් මස 23 සිට 30 දක්වා පැවති මෙම තරඟාවලියෙහි ගජබා රෙජිමේන්තු ස්කොෂ් ක්‍රීඩකයින් ශූරතා කුසලානය දිනාගත් අතර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා පාබල හමුදා ස්කොෂ් ක්‍රීඩකයින් පළමු සහ දෙවන අනු ශූරතාවයන් දිනා ගන්නා ලදී.  

තරඟාවලියේදී ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එන් ඩැනියෙල් විවෘත පිරිමි අංශයේ ජයග්‍රහණය හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල පී.ආර්.එන් ජයමාලි විසින් කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී.  

අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

තරඟාවලියේ ප්‍රතිඵල පහත සඳහන් පරිදි වේ.

පිරිමි කණ්ඩායම් ශූරතාව

ශූරතාව - ගජබා රෙජිමේන්තුව

පළමු අනුශූරතාව - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුව බලකාය

දෙවන අනුශූරතාව - ශ්‍රී ලංකා පාබල හමුදාව

පිරිමි අංශයේ නවක කණ්ඩායම් ශූරතාව

ශූරතාව - කමාන්ඩෝ රෙජිමේන්තුව

අනුශූරතාව - විජයබාහු පාබල රෙජිමේන්තුව

පිරිමි අංශයේ විවෘත කාණ්ඩය

ශූරතාව - ලාන්ස් කෝප්‍රල් එස්.එන්. දෙනියාල් - ගජබා රෙජිමේන්තුව

පළමු අනුශූරතාව - ලාන්ස් කෝප්‍රල් පී.ජී.එන්.ටී. බණ්ඩාර - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

දෙවන අනුශූරතාව - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක - ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

කාන්තා අංශයේ විවෘත කාණ්ඩය

ශූරතාව - කාන්තා සෙබල පී.ආර්.එන්. ජයමාලි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

පළමු අනුශූරතාව - ලාන්ස් කෝප්‍රල් එන්.පී.ජී.ජී.ටී. ප්‍රියවංශ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දෙවන අනුශූරතාව - කාන්තා සෙබල ජේ.ආර්.එම්.එන්. ජයලත් - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

නිලධාරී විවෘත කාණ්ඩය

ශූරතාව - කර්නල් එස්.එච්.පී.ඩී. තිලකරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

පළමු අනුශූරතාව - ලුතිනන් කර්නල් ඩබ්ලිව්. දසනායක - ගැමුණු හේවා බලකාය

දෙවන අනුශූරතාව - කපිතන් ජේ.කේ.ඩී.ඩී. සිල්වා - ශ්‍රී ලංකා පාබල හමුදාව

කාන්තා නිලධාරී අංශයේ විවෘත කාණ්ඩය

ශූරතාවය - කපිතන් එච්.එම්. අබේරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

පළමු අනුශූරතාව - මේජර් එස්.පී.අයි.යූ. දයාරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දෙවන අනුශූරතාව - කැඩෙට් නිලධාරිනී එම්.ජී. අබේරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

පිරිමි නවක අංශය

ශූරතාව - ඉංජිනේරු සෙබල ඒ.පී.ඩී.එන්.එන්. නන්දසේන - ඉංජිනේරු සේවා බලකාය

පළමු අනුශූරතාව - සැරයන් ටී.ඒ.එස්. වීරසිංහ - කමාන්ඩෝ රෙජිමේන්තුව

දෙවන අනුශූරතාව - කෝප්‍රල් ඒ.බී.එස්.එස්. කුමාර - ශ්‍රී ලංකා සංඥා බලකාය

කාන්තා නවක අංශය

ශූරතාව - කැඩෙට් නිලධාරිනී එම්.ජී. අබේරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය

පළමු අනුශූරතාව - ලුතිනන් පී.සී.ජේ. කුමාරතුංග - ශ්‍රී ලංකා ඉංජිනේරුව බලකාය

දෙවන අනුශූරතාව - සංඥා සෙබල (කාන්තා) ජේ.ආර්.එම්.එන්. ජයලත් - ශ්‍රී ලංකා සංඥා බලකාය

අවුරුදු 35 ට වැඩි පිරිමි අංශය

ශූරතාව - සැරයන් කේ.ජී. ප්‍රභාත් - ශ්‍රී ලංකා පාබල හමුදාව

පළමු අනුශූරතාව - ලාන්ස් කෝප්‍රල් ආර්.එච්.එම්. රාජපක්‍ෂ - ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන අනුශූරතාව - කෝප්‍රල් ඩී.ඩී.එන්. රත්නායක - ගැමුණු හේවා බලකාය

අවුරුදු 45 ට වැඩි පිරිමි අංශය

ශූරතාව - කර්නල් ඩී.කේ.ආර්.එන්. සිල්වා - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

පළමු අනුශූරතාව - ලුතිනන් කර්නල් ඩබ්ලිව්. දසනායක - ගැමුණු හේවා බලකාය

දෙවන අනුශූරතාව - කපිතන් එන්.වයි.සිල්වා - ගජබා රෙජිමේන්තුව

අවුරුදු 50 ට වැඩි පිරිමි අංශය

ශූරතාව - කර්නල් එස්.එච්.පී.ඩී. තිලකරත්න - ශ්‍රී ලංකා සංඥා බලකාය

පළමු අනුශූරතාව - බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ. එදිරිසිංහ - ඉංජිනේරු සේවා බලකාය

දෙවන අනුශූරතාව - බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය