Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 14:00:14 Hours

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2022, ශූරතාවය යුද්ධ හමුදාවට

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2022, පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී නොවැම්බර් මස 10 - 13 දිනයන්හිදී පැවති අතර අතර, එම තරඟාවලියෙදී නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් ඇතුළු දීප ව්‍යප්ත ක්‍රීඩා සමාජ 11 ක් පරදවා එහි ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම ලකුණු 34ක් ලබාගනිමින් සමස්ත ශූරතාව දිනාගත් අතර, තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.  

තරගාවලියේදී යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගන්නා ලද අතර, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් වයි.ඩී.අයි කුමාර බර ඉසිලීමේ ඉසව්වේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.  

අවසන් මහා තරඟය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන සහ බර ඉසිලීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද විසින් යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් ඔවුන් වෙත සිය සහයෝගය දක්වනු ලැබූහ.

ශූරතාවලියේ ජයග්‍රාහකයින් පහත පරිදි වේ

පිරිමි

සැරයන් වයි.ඩී.අයි. කුමාර - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රන් පදක්කම (කිලෝග්‍රෑම් 55), හොඳම බර ඉසිලීමේ ක්‍රීඩකයා, නව ශ්‍රී ලංකා වාර්තා 03, නව පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තා 02

සාමාන්‍ය සෙබල කේ.සී.ඒ.එස්.ඩී. ජයවර්ධන - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 55)

සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් - 1 වන කමාන්ඩේ රෙජිමේන්තුව - රන් පදක්කම (කිලෝ ග්‍රෑම් 61)

සාමාන්‍ය සෙබල එම්.එස්.එස්. ධනපාල - 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 61)

බොම්බඩියර් එච්.ආර්.ජේ. විජයන්ත - 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 81)

සාමාන්‍ය සෙබල කේ.බී.ඩබ්ලිව්. ශ්‍රීමාල් - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 89)

සාමාන්‍ය සෙබල එස්.කේ.සී.එම්. කරුණාරත්න - 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 96)

සාමාන්‍ය සෙබල කේ.ටී. විමන්ත - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 102)

බලලත් නිලධාරී II ඒ.පී.එස්. අබේවික්‍රම - 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - රන් පදක්කම (කිලෝ ග්‍රෑම් 109), නව ශ්‍රී ලංකා වාර්තාව (කිලෝ ග්‍රෑම් 136 ස්නැච්)

සාමාන්‍ය සෙබල බී.ඒ.එන්. අංජන - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 109 ට වැඩි)

කාන්තා

කාන්තා සෙබල සී.එස්.එම්. චන්ද්‍රතිලක - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 49)

ආධුනික කාන්තා සෙබල ඩී.එම්.එන්.එස්. දිසානායක - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 55)

ලාන්ස් කෝප්‍රල් ඩී.ඩී.ඩී. අබේසේකර - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රන් පදක්කම (කිලෝ ග්‍රෑම් 64)

කාන්තා සෙබල එම්.ඩබ්ලිව්. පී.ඒ.කේ. සෙව්වන්දි - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 64)

ආධුනික කාන්තා සෙබල එච්.එස්.කේ. උදේශිකා - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 71)

කාන්තා සෙබල එච්.ඒ.එච්.ජේ. හපුආරච්චි - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 76)

කාන්තා සෙබල එස්.එම්.එන්.පී. අත්තනායක - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 87)