Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 15:00:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් පාසල් සිසුන් වෙත පලාලි ගුවන් තොටුපල නැරඹීමට අවස්ථාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය සෙනසුරාදා (12) දින පූතූර් ප්‍රදේශයේ පිහිටි යාපනය මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ පාසල් සිසුන් 40 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් වෙත පලාලි ගුවන් තොටුපළේ සංචාරයක නිරත වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.

මෙම සංචාරයේදි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ගුවන් තොටුපල පරිශ්‍රය තුළ ගුවන් යානාවන්හී පියාසර කිරීමේ කටයුතු නිරීක්‍ෂණය කරනු ලැබූ අතර, සංචාරයේ නිරත සිසුන් සහ දෙමව්පියන් වෙත භටපිරිස් විසින් ආහාරපාන ද ලබාදුන්හ.