Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 15:15:14 Hours

හපුතලේ - ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය

අධික වර්ෂාපතනයත් සමඟ හපුතලේ - ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (13) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කුමාර වනසිංහ ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් පැය කිහිපයක් තුළ දුම්රිය මාර්ගයට වැටී තිබූ ගල් හා පස් කඳු ඉවත්කරමින් එම දුම්රිය මාර්ගය යලි යථා තත්ත්වයට පත්කරනු ලැබූහ.