Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2022 05:00:48 Hours

52 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ ක්‍ෂ්ත්‍ර සංචාරයක

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින කෝවිලකණ්ඩි ප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.කේ.පී පුස්සේවල සහ නිලධාරීන් විසින් එතුමන් පිළිගන්නා ලදී. අනතුරු එම සංචාරය සිහිවනු වස් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබදවද කරුණු පැහැදිලි කළේය.

අනතුරුව සංචාරයේ නිරත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කඳවුර තුළ ක්ෂේත්‍ර සංචාරයක නිරත වූ අතර, පසුව පුම්පුගර් ප්‍රදේශයේ ෂන්මුග පෙර පාසල් පරිශ්‍රයේ ද සංචාරයක නිරත විය.

මෙම සංචාරය සඳහා 521 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික පෙරේරා සහ 52 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.