Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2022 14:45:43 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූද් (CaptainVikas Sood) ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි කපිතාන් විකාස් සූද් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අසිත පුෂ්පකුමාර විසින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර හමුවි සුහඳ සාකච්ඡාවක නිරත වූහ.

මෙම සුහඳ හමුවේදී එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික සංවර්ධන ව්‍යාපෘති , සිවිල්-හමුදා සහයෝගීතාවය, නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාර්යභාරය පිළිබඳව සාකච්ඡාවට බදුන් විය.

සාකච්ඡාව අවසානයේ කපිතාන් විකාස් සූද් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබූහ. අනතුරුව දෙදෙනා අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.