Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2022 21:01:03 Hours

65 සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අනුරාධපුර මූලික රෝහල වෙත ඖෂධ තොගයක් ලබාදෙයි

අනුරාධපුර මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුගේ ඉල්ලීමකට අනුව 1 වන බලකාය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ඔක්තෝබර් (25) දින අනුරාධපුර මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත ලබාදෙන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් අත්‍යාවශ්‍ය ඖෂධ තොගය අනුරාධපුර මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමන් වෙත සංකේතාත්මකව භාර දෙන ලද අතර, එම ඖෂධ බාහිර රෝගී අංශයේ ප්‍රථිකාර ලබාගැනීම සඳහා පැමිණෙන සහ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලබාදෙනු ඇත.

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් නාවල ප්‍රදේශයේ පිහිටි ‘QUALQEM’ පුද්ගලික සමාගමේ සභාපති ඉසුරු විජේවර්ධන මහතා විසින් එම ඖෂධ තොගය ලබදීම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලදී. 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජෙ.ඩී.යූ.ටී කුමාර විසින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම ඖෂධ තොගය ප්‍රධානය කිරීමේ වැඩසටහනෙහි සංවිධාන කටයුතු සිදුකරන ලදී.