Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2022 21:04:49 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අන්තර් බලඇණි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අන්තර් බලඇණි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඔක්තෝබර් මස 27 දින පුදුකුඩිඉරුප්පු පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විවිධ බලඇණි නියෝජනය කරමින් කණ්ඩායම් 17 ක් මෙම තරඟාවලියට සහභාගී විය.

මෙම තරඟාවලියේ ශූරතාවය 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාවය 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.