Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2022 21:20:58 Hours

ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථානයේ සමන්පිච්ච පැළ සිටුමට යුද්ධ හමුදා භටපිරිස්හී දායකත්වය

කලල්පිටිය, දාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමක් මත එම විහාරස්ථාන පරිශ‍්‍රයේ සමන්පිච්ච පැළ සිටුවීමේ පුණ්‍යමය වැඩසටහනක් සඳහා 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් ඔක්තෝබර් (31) දින සිය දායකත්වය දක්වන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 141 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ පිච්ච මල් පැළ 1000 ක් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, එම වැඩසටහනේ පළමු අධියර වශයෙන් පිච්ච මල් පැළ 500 ක් මීට පෙර භටපිරිස් විසින් එම විහාරස්ථාන පරිශ්‍රයේ සිටුවන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 6 වන ක්ෂේත්‍ර රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම ව්‍යාපෘතිය සඳහා භික්‍ෂූන් වහන්සේලාට පිච්ච මල් පැළ සපයා දෙමින් මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරනු ලැබීය.