Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2022 21:36:47 Hours

ජාතික සවි එසවීමේ තරඟාවලියේ සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට

ජාතික සවි එසවීමේ තරඟාවලිය - 2022, කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ඔක්තෝබර් (29) දින පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සවිඑසවීමේ ක්‍රීඩකයින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 1ක් දිනා ගනිමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

දිවයින පුරා සවිඑසවීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සවිඑසවීමේ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරඟාවලියේ දක්‍ෂතම සවිඑසවන්නාට හිමි සම්මානය බළලත් නිලධාරි II එස්.කේ.එස් ප්‍රදීප් විසින් හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා සවිඑසවීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ කාන්තා අංශය යටතේ කිලෝග්‍රෑම් 47, 52, 57, 63, 72, 84 සහ කිලෝග්‍රෑම් 84 ට වැඩි බර කාණ්ඩ යටතේ ද පිරිමි අංශය යටතේ කිලෝග්‍රෑම් 59, 66, 74, 83, 93, 105, 120 සහ කිලෝග්‍රෑම් 120 ට වැඩි බර කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කරනු ලැබූහ.