Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2022 21:15:34 Hours

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරෙහි ක්‍ෂේත්‍ර සංචාරයක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර විසින් ඔක්තෝබර් 27 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු මූලස්ථානයෙහි පරිපාලන, භටකාර්ය සම්පාදක සහ සැපයුම් කටයුතු සම්බන්ධව දැනුවත් වීම සඳහා ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් දුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන නිළධාරී බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

ප්‍රථමයෙන්ම මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත පැමිණි අතර, එහිදී මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව, මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඇතුළු එම මූලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් පැවැත්වූ සාකච්ඡාවේදී 2022/2023 වසර සඳහා වැදගත්වන පරිපාලන සහ භටකාර්ය සම්පාදන කරුණු පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා 14 වන සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර විසින් දෙල්ගොඩ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු මූලස්ථානය වෙත ගොස් එම කඳවුරෙහි 2022/2023 වසර සඳහා අවශ්‍යතා සොයා බලන ලදී.

8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර වෙත පැමැණි මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive pass) ගෞරවාචාරය පුදකරනු ලැබීය.